Advertisement

Responsive Advertisement

කොම්පෝස්ට් නිෂ්පාදනය

 කොම්පෝස්ට් නිෂ්පාදනය



කොම්පෝස්ට් නිෂ්පාදනය යනු ශාකමය ද්‍රව්‍ය හා සත්ව අප ද්‍රව්‍ය ක්ෂ්ද්‍ර ජීවින් මගින්වි යෝජනයට ලක් කර සැදෙන අතුරු ඵලය කාබනික පොහොර ලෙස හැදින් වේ.කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරනු ලබන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින්ගේ කි‍්‍රයාකාරිත්වය මඟින් සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි.මෙම කාබනික පොහොර භාවිතය මිනිසාට මෙන්ම සතුන්ට මෙන්ම පසටද හිතකරය. මෙම කාබනික පොහොර භාවිතයේ ප්‍රධානම වාසිය වනුයේ පස සාරවත් බව වැඩි කිරීම මෙන්ම පස ආම්ලික තත්වයට පත් නොවීමය . ප්‍රදාන කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රමලෙස ගොඩ ක්‍රමය , බැරල්ක්‍රමය,කොටු ක්‍රමය , වළ ක්‍රමය වේ.

ගොඩ ක්‍රමය මගින් කොම්පෝස්ට් නිෂ්පාධනය කරන අකාරය.

පළමුව කොම්පෝස්ට් සදා ගැනීමට සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානයේ බිම මතට දහයියා තට්ටුවක් දමා ගනු ලැබේ.එම තට්ටුව මතට දිරපත්වන ශාකමය ද්‍රව්‍ය ස්ථරයක් දමනු ලැබේ.ඒ මතට ග්ලිසීඩීයා කොළ තට්ටුවක් දමනු ලැබේ.ඉන් අනතුරුව වියළි ගොම තට්ටුවක් දමනු ලැබේ.ඒ මතට එප්පාවල රොක් පොස්පේට් එක්කරනු ලැබේ.ඉන් අනතුරුව පෙර සදා ගත් කොම්පෝස්ට් මුහුන් ලෙස තට්ටුවක් දමා ගනු ලැබේ.ඒමතට වියළි කොළ තට්ටුවක් දමා ගනු ලැබේ.ඉන් පසු එම කොළ තට්ටුව මතට දහනයට ලක් කර ලබා ගත් දර අගුරු තට්ටුවක් දමා ගනු ලැබේ.ඒමතට නැවතත් කොම්පෝස්ට් මුහුන් තට්ටුවක් දමගනු ලැබේ.ඉන් අනතුරැව දෙවන සත්ව අප ද්‍රව්‍ය තට්ටුවක් දමනු ලැබේ . අනතුරැව නැවතත් ග්ලිසීඩීයා කොළ තට්ටුවක් දමනු ලැබේ. ඉන්පසු කොම්පෝස්ට් ගොඩට ජීව මෘර්තම් එකතු කරණු ලැබේ.ඒ මගින් ක්ෂ්ද්‍ර ජීවීන්ගේ කියා කාරිත්වය වැඩිවනු ඇත. ඉන් පසු කළු පැහැති පොලිතින් මගින් කොම්පෝස්ට් ගොඩ හොදින් ආවරණය කරනු ලැබේ.කොම්පෝස්ට් ගොඩ දින 18 පසු පළමු පෙරලීම සිදු කරණු ලැබේ.දෙවන පෙරලීම පළමු පෙරලීමෙන් අනතුරුව තවත් දින 18 වරක් පෙරලීම සිදු කරනු ලැබේ.තුන්වන හෙවත් අවසාන පෙරලීම නැවත දින 21 සිදු කර කොම්පෝස්ට් පොහොර ලබා ගත හැක. මෙම සාදාගත් කොම්පෝස්ට් පොහොර අවශ්‍ය බෝග වගා ක්ෂ්ත්‍රයන්ට යොදා ගත හැක.

Post a Comment

0 Comments