Advertisement

Responsive Advertisement

මිරිස් වගාව


ප්‍රධාන ලෙස අමු මිරිස් , වියළී මිරිස් ,කෑලි මිරිස් , කුඩු මිරිස් ලෙස මෙරට මිරිස් ප්‍රයෝජනයට ගනු ලැබේ .මෙරට බොහෝ කුෂි දේශගුණික කළාප තුල මිරිස් වගාව සිදු කරනු ලැබේ.ඒ අතරිනුත් වියළි කළාපය තුල බහුල ලෙස වගා කරනු ලැබේ. මිරිස් වගාව සදහා ජලය හොදින් බැස යන ලෝම සහිත පස වඩාත් සුදුසු වේ. මිරිස්  ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර බීජ  තවාන් තුල රෝපණය කරනු  ලැබේ. තවාන්  තුලින් දින 25-30 වයසැති පැල  ක්ෂේත්‍රයේ සස්තාපණයට ගනු ලැබේ. මෙරට බහුල ලෙස වගා කරනු ලබන මිරිස් ප්‍රබේද ලෙසMI -1 ,MI -2, KA -2, අරැනළු ,MI ග්‍රීන් ,MICH 3 , MI වැරැනියා ,හොරණ  දෙමුහුන් ප්‍රබේද හදුන්වා දිය හැක .


මිරිස්  සිටුවීමෙදී  පැළ අතර පරතරය 60* 60 cm හෝ 60* 45cm  පරතරයට  පැළ සිටුවා ගනු ලැබේ.මිරිස්  සිටුවීමෙදී ඇලි හා වැටි ක්‍රමය , පාත්ති හා කාණු ක්‍රමය , ගිල්ලු පාත්ති ක්‍රමය යොදා ගනු ලැබේ. මිරිස් වගාවට ඇතිවන ප්‍රදාන  රෝග ලෙස පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය ,කොළ කොඩවීමේ රෝගය, තක්කාලි පුල්ලි මැල වීමේ වෛරස්  රෝගය, බැක්ටීරියා  හිටු මැරීමේ රෝගය, දියමලන් කෑම ,ඇන්ත්‍රැක්නෝස් ,පාමුල කුණුවීම රිකිලි කුණු වීමේ රෝගය ,පිටිපුස් රෝගය, හදුන්වා දිය හැක. හොදින් මේරූ මිරිස් කරල් අස්වනු වශයෙන් නෙළාගනු ලැබේ.


Post a Comment

0 Comments